Friday, February 20, 2026
Follow Us
රටට වැදගත් ඖෂධවලත් හිඟයක් - වෛද්‍යවරු හා ඔසුසැල් හිමියන් කියයි

ග්‍රාමීය රෝහල්වල පවතින ඖෂධ හිඟයට කඩිනමින් විසදුම් ලබාදීම අත්‍යවශ්‍ය බව වෛද්‍යවරුන් මෙන්ම ඔසුසැල් හිමියන් ද පවසනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසුවේ රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධවල පවා දැඩි හිඟයක් පවතින බවයි.

ශ්‍රී ලංකා ඖෂධ වෙළඳ සංගමයේ සභාපති ඖෂධවේදී කපිල ද සොයිසා පැවසුවේ මෙරටට ඖෂධ ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද ගැටලුවක් පවතින බවයි.

මෙරට පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් නෙත් නිවුස් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයෙන් විමසීමක් කළා.

මේ අතර ඉදිරි මාස කිහිපය තුළ විවිධ ක්‍රම ඔස්සේ ඖෂධ වර්ග 231 ක් මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

 

Neth