ගර්බණී මව්වරුන්ට ලබාදෙන යකඩ ඖෂධවල දැඩි හිඟයක් රට තුළ පවතින බව ශ්‍රී ලංකා ඖෂධ වෙළඳ සංගමය පවසනවා. එහි සභාපති ඖෂධවේදී කපිල ද සොයිසා පැවසුවේ තවත් ඖෂධ රැසක හිඟයක් ඖෂධහල්වල පවතින බවයි.
අක්ෂි රෝග සඳහා භාවිත කරන ඖෂධ වර්ගවල හිඟයක් ද පවතින බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ ඉදිරි මාස කිහිපය තුළ ඖෂධ වර්ග 231 ක් මෙරටට ලැබීමට නියමිත බවයි. වෛද්‍ය උපකරණ අතර ගෝස්, පුළුන්, සේලයින් මෙන්ම ජල භීතිකා, සර්ප විෂ සඳහා හා දරු ප්‍රසූතියෙන් පසු රුධිරයේ වහනය නැවැත්වීමට ලබාදෙන ඖෂධ ඇතුලු අත්‍යවහ්‍ය ඖෂධ රැසක් මේ වන විට රට තුළ පවතින බව වෛද්‍ය සැපයුම් අංශය ද පවසනවා.
එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩී.ආර්.කේ හේරත් පැවසුවේ ඖෂධ හිඟයක් ඇති නොවීමට වගකීමෙන් සහ සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින බවයි.
Neth