Friday, February 20, 2026
Follow Us
අධික ලෙස මත්පැන් පානය කළ අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට

පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ දේ


අධික ලෙස මත්පැන් පානය කිරීම හේතුවෙන් මියගිය යුවළක් පිළිබඳව පුවතක් බඩල්කුඹුර ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

මෙම අඹුසැමියන් බඩල්කුඹුර 08 කණුව ප්‍රදේශයේ පදිංචි අතර වයස අවුරුදු 75 සහ 65 හැවිරිදි වියේ පසුවෙයි.

ඔවුන් පුරුද්දක් ලෙස මත්පැන් පානය කිරීමට ඇබ්බැහිව සිට ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පසුගියදා මෙම යුවල සුපුරුදු පරිදි මත්පැන් පානය කර වැටී සිටියදී ප්‍රදේශවාසීන් එක්ව රෝහල්ගත කිරීමෙන් අනතුරුව මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

ඔවුන්ගේ වැඩිමහල් පුත්‍රයා කලකට පෙර සියදිවි හානිකරගැනීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

ඔවුන් දෙදෙනාට තවත් පුත්‍රයෙකු සහ දියණියක් සිටින අතර දියණිය විදේශගතව සිට එවන මුදල්වලින් මෙලෙස දෛනිකව මත්පැන් පානයට ඇබ්බැහි වී සිට ඇති බවට පොලීසිය සැකපළ කරයි.

බඩල්කුඹුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Aruna