හෙට වතුර කපන ප්‍රදේශ මෙන්න
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට(28) රාත්‍රියේ සිට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව හෙට රාත්‍රි 10.00 සිට අනිද්දා(29) පෙරවරු 10.00 දක්වා එම කල කප්පාඩුව ක්‍රියාත්මක වනු ඇත.
ඒ අනුව කොළඹ 02, 03, 04, 05, 07, 08 සහ 10 යන ප්‍රදේශ සඳහා ජල සැපයුම අත්හිටුවනු ලැබේ.
මහ කොළඹ ජල හා අප ජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන යටතේ සිදු කරනු ලබන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීම් කිහිපයක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරනු ලබන බව ජාතික සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි
Aruna