Friday, February 20, 2026
Follow Us
කැළණිතිස්ස යළි නවතී

අලුත්වැඩියාවකින් පසු ජනන යන්ත්‍ර යළි කැඩිලා


කැළණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු මේ වනවිට නවතා දමා ඇති බව වාර්තා වේ.

දීර්ඝ කාලීන අලුත්වැඩියාවකින් පසුව නැවත විදුලි ජනනය ආරම්භ කළ කැලණිතිස්ස විදුලි බලාගාරයේ තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් මෙසේ ජනන කටයුතු අත්හිටුවීමට සිදුව තිබේ.

එම බලාගාරයේ බෙයාරිං පද්ධතියට සිදුව ඇති හානියක් නිසා මෙසේ ජනන කටයුතු නවතා දමා ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරිවරුන්ගේ සංගමයේ සභාපති ඒ. ජී. යූ. නිශාන්ත පැවසුවේය.

කෙසේවෙතත් කැළණිතිස්ස බලාගාරය සඳහා අවශ්‍ය නැප්තා ඉන්ධන නොමැති වීමෙන් මෙසේ එහි ජනන කටයුතු තාවකාලිකව නවතා දමා ඇති බවක් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක මණ්ඩලයේ සාමාජික ධම්මික විමලරත්න මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේය.

Aruna