Friday, February 20, 2026
Follow Us
රට පුරා යළි ගෑස් හිඟයක්

සැපයුම්කරුවන් වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීම ප්‍රමාද කරනවා -ලිට්‍රෝ සභාපති


නැවතත් රට පුරා ප්‍රදේශ රැසක ගෑස් හිඟයක් ඇතැයි මහජනතාව පවසති.

එළැඹෙන සතියේදී ගෑස් මිල අඩු කරන බවට කළ දැනුම් දීමත් සමග සැපයුම්කරුවන් විසින් වත්මන් මිලට ගෑස් ලබානොගැනීමේ ප්‍රවණතාවක් ඇති බවත් ඒ හේතුවෙන් මෙවැනි හිඟයක් පවතින බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පිරිස් පැවසීය.

දැනට පවතින මිල ගණන් යටතේ ගෑස් මිලදී ගත්විට යම් හෙයකින් එළඹෙන සතියේදී ගෑස් මිල අඩු කළහොතේ එය අවාසියක් යැයි සිතා මෙලෙස සැපයුම්කරුවන් වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීම ප්‍රමාද කරන බවද සභාපතිවරයා සඳහන් කළේය.

එහෙත් ගෑස් අලෙවි නියෝජිතයන් සඳහන් කරන්නේ සමාගම විසින් සැපයුම් අඩු කිරීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි. එනමුත් සමාගම සඳහන් කරන්නේ ගෑස් සැපයුම අඩුකර නොමැති බවයි.

Aruna