Friday, February 20, 2026
Follow Us
වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන අද කොළඹ විරෝධතාවක

ජනතාව මත බදු බර පටවමින් රජය ගෙනයන ක්‍රියාකලාපයට එරෙහිව වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන අද (27) කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම විරෝධතාව සංවිධානය කරන්නේ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය විසිනි.

අද පස්වරු 03.00 ට කොළඹදී පැවැත්වෙන මෙම දැවැන්ත උද්ඝෝෂණ රැලියට ශිෂ්‍ය සංගම්, ගොවි සංගම්, ධීවර සංගම්, වෘත්තීයවේදීන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්වීමට නියමිත බවයි වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ඒකාබද්ධ ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ.

LNW