යාල ජාතික වනෝද්‍යානයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු දෙක අද එම වනෝද්‍යානයට පිටත්ව යනවා. එක් කමිටුවක් පත් කරනු ලැබුවේ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රා හේරත් විසින්.
අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ සභාපතීත්වයෙන් යුත් එම ත්‍රිපුද්ගල කමිටුවට වනජීවී දෙපාර්තමේන්තුවේ සහ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු අයත් බවයි වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රා හේරත් පැවසුවේ.
අනෙක් කමිටුව පත් කරනු ලැබුවේ වනජීවි දෙපාර්තමේන්තුව විසින්. ඊට දෙපාර්තමේන්තු අධ්‍යක්ෂකවරියක් ඇතුළු නිලධාරීන් තිදෙනෙකු අයත් බවයි වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම් ජී සී සූරියබණ්ඩාර පැවසුවේ.
ඉකුත්දා සියයකට ආසන්න පිරිසක් වාහන 32කින් යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වී සතුන්ට හිංසා වන පරිදි වාහන ධාවනය කර තිබුණා. එය වළක්වා ගැනිමට යාල වනෝද්‍යානයේ නිලධාරීන් කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අදාළ කමිටු දෙක විසින් විමර්ශන සිදුකරනු ලබනවා.
අදාළ වාහන 32ක හා සියදෙනෙකුට ආසන්න පිරිස යාල ජාතික වනෝද්‍යානයට වනජීවී දෙපාර්තමේන්තුවේ ස්වේච්ඡා මාර්ගෝපදේශකවරුන් 7 දෙනෙකු සහ වනජීවී නියාමකවරයෙකු ගොස් තිබුණා.
එහිදී රාජකාරීමය වගකීම පැහැරහැරි සහ සිද්ධියට සෘජුව හෝ වක්‍රව දායකත්වය සපයා ඇති නිලධාරීන් 07 දෙනෙකුගේ සේවය විමර්ශන අවසන් වන තෙක් අත්හිටුවීමටයි බලධාරීන් පියවර ගත්තේ.
මේ අතර යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වී වන සතුන්ට හිංසා වන අයුරින් හැසිරීමේ සිද්ධියට අදාළව පුද්ගලයින් 09 දෙනෙකු වාහන 06 ක් සමග යාල වනජීවි නිලධාරීන් වෙත ඊයේ භාර වුණා. ඔවුන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශරීර ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
Neth