වාහන හිමිකරුවන්ට පණිවිඩයක්
කොරියාවේ සුප්‍රකට මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන කියා මෝටර් රථ නිෂ්පාදන සමාගමේ ජනප්‍රිය ක්‍රීඩා උපයෝගීතා වාහනයක් වන කියා ස්පෝටේජ් (Kia-Sportage) වාහන 71,000ක් නැවත කැඳවීමට තීරණය කර තිබේ.
මීට හේතු වී ඇත්තේ මෙම වාහනයට සවිකර ඇති හයිඩ්‍රොලික් ඉලෙක්ට්‍රොනික් පාලන ඒකකය අවටින් ගිනි හටගන්නා අවදානමක් මතු වීමයි.
කියා සමාගම විසින් මෙලෙස නැවත කැඳවීමට තීරණය කර ඇත්තේ එම සමාගම විසින් 2008 – 2009 වසරවල නිෂ්පාදනය කර ඇමරිකාවට නැව්ගත කරන ලද කියා ස්පෝටේජ් (Kia-Sportage) වාහන මොඩලයේ ක්‍රීඩා උපයෝගීතා ජීප් රථ 71,000කි.
මෙම වාහන 2016 දී ගිනි අවදානම් හේතුවෙන් නැවත කැඳවන ලද අතර ඒවා අලුත්වැඩියා කටයුතු අවසන් වන තුරු එළිමහනේ ගාල් කරන ලෙසයි අයිතිකරුවන්ට උපදෙස් දී ඇත.
මෝටර් රථ නිෂ්පාදන සමාගම පවසන්නේ දැනට මෙම නිවැරදි කිරීම සංවර්ධනය කරමින් පවතින අතර එය වාහන නැවැත්වීමේදී හෝ රිය පැදවීමේදී සිදුවිය හැකි හයිඩ්‍රොලික් ඉලෙක්ට්‍රොනික පාලන ඒකකය (HECU) අවටින් හටගන්නා ගින්නක් ලෙස මේ වන විට හඳුනාගෙන ඇති බවයි.
කෙසේ වෙතත් මීට පෙර 2016 වසරේදී නැවත කැඳවූ මෙම මෝටර් රථවල අවදානම් තත්ත්වය හඳුනාගෙන අලුත්වැඩියාව අවසන් කර තිබූ මෝටර් රථ 8 ක ගිනි ගැනීම් වාර්තා වී ඇති අතර තවත් වාහන 15 ක පෙර නොවූ වූ විරූ ගැටලු සහගත තත්ත්වයන් මතු වී ඇති බව සමාගම අවධාරණය කරයි.
මේ අතර ඇමරිකානු ජාතික මහාමාර්ග රථවාහන ආරක්ෂණ පරිපාලනය (NHTSA) පවසන්නේ ආපසු කැඳවීම අවසන් වන තෙක් මෙම වාහන හිමිකරුවන් ඒවා ගොඩනැගිලි ආසන්නයේ හෝ වෙනත් වාහනවලින් දුරස්ව නවතා තැබිය යුතු බවටයි.
කියා සමාගම පවසන්නේ “නැවත කැඳවා අළුත්වැඩියා කල රථ වල ගිනිමේ සිදුවීම්වලට හේතුව තවමත් නොදන්නා අතර ඒ පිලිබඳව විමර්ශනය තවමත් සිදු කරමින් පවතින බවයි.
කෙසේ වෙතත් මෝටර් රථ නිෂ්පාදකයා පවසන්නේ, මෙම සිදුවීම්වලට සම්බන්ධ කිසිදු මාරාන්තික, තුවාල හෝ අනතුරු කිසිවක් මෙතෙක් සිදුවී නොමැති බවයි.
කියා සමාගම මේ වසරේ දෙසැම්බර් අග භාගයේදී මෙම ආපසු කැඳවීම තැපැල් මගින් අයිතිකරුවන්ට දැනුම් දීමට අපේක්ෂා කරන බව වැඩිදුරටත් වාර්තා වේ.
Aruna