නවක වදය ගැන තොරතුරු සොයන්න අලුත් ක්‍රමවේදයක්
රාජ්‍ය විශ්ව විද්‍යාල තුළ ක්‍රියාත්මක වන නවකවධය සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ බලතල ඉදිරියේදී පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරාදීමට මේ වන විට සාකච්ඡා සිදුකරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසීය.
මේ දක්වා නිසි ආකාරයෙන් තොරතුරු යාන්ත්‍රණයක් නොතිබීම හේතුවෙන් නවක වදය සම්බන්ධව පොලීසිය වෙත තොරතුරු ලැබීමේ යම් අඩුවක් පැවතිනි.එබැවින් විශ්ව විද්‍යාල තුළ සිසුන් මුහුණ දෙන නවකවධය සම්බන්ධව පියවර ගැනීම සඳහා තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදයක් මේ වන විට සකසමින් ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මෙම ක්‍රමවේදය හරහා ඉදිරියේදී තොරතුරු මත පදනම් කරගනිමින් සරසවි තුළ සිසුන්ට මුහුණදීමට සිදුවන නවක වදය පිළිබඳව විමර්ශනය කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.
Aruna