Friday, February 20, 2026
Follow Us
ජල විදුලි උත්පාදනය සියයට 65 ක් දක්වා ඉහළට

පැවති වැසි තත්ත්වයත් සමඟ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් දෛනික ජල විදුලි නිෂ්පාදනය ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට දෛනික විදුලි අවශ්‍යතාවයෙන් මේ වන විට සියයට 65 ක් පමණ ජල විදුලි බලාගාර මඟින් සපුරාගන්නා බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවේ.

ජල විදුලි උත්පාදනය ඉහළ යාමත් සමඟ දෛනික විදුලි කප්පාදුව අඩු කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස තමන් අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබාදුන් බවද මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියා.

ඒ අනුව මහජන උපයෝගිතා කොමිසfාම් නිලධාරීන් සහ ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

Neth