Friday, February 20, 2026
Follow Us
පස් කන්දක් කඩාවැටී මාර්ගයක් අවහිර වෙයි

පොලීසියෙන් ඉල්ලීමක්


තලවකැලේ- පුඩළුඔය මාර්ගයට තලවකැලේ, හොලිරූඩ් ප්‍රදේශයේදී විශාල පස් කන්දක් කඩාවැටී තිබේ.

(25) සවස එම පස්කන්ද කඩා වැටී ඇති අතර ඒ හේතුවෙන් එම මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිරවී ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.

දින කිහිපයක් පුරා ප්‍රදේශයට පවතින දැඩි වර්ෂාව හේතුවෙන් මාර්ගයට මෙසේ විශාල පස් කන්දක් කඩාවැටී තිබේ.

මේ හේතුවෙන් තලවකැලේ – පුඩළුඔය මාර්ගය භාවිතා කරන රියදුරන් ඒ වෙනුවට වෙනත් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ඉල්ලීමක් කරයි.

මෙම නායයෑම සිදුවු ස්ථානයට පහළ ප්‍රදේශයේ නිවසක් මතට ද පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවසේ කොටසක් විනාශයට පත්වී ඇති බවද අප වාර්තාකරු පැවසීය.

Aruna