වීඩියෝ පෙන්නලා පෙම්වතිය නැවත කොටු කරගන්න හැදූ 19යේ පෙම්වතා
18 හැවිරිදි දැරියක් මත් කර බලහත්කාරයෙන් දූෂණය කිරීම සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා බව කියන 19 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය පවසයි.
ඒ හේතුවෙන් මානසික පීඩාවට ලක් වූ තරුණිය කොළඹ ප්‍රදේශයේ රෝහලක මානසික වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව පොලීසිය කියයි
ඉකුත් ජූනි මස වින්දිත දැරිය සැකකරු සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර එයින් මසකට පමණ පසු සැකකාර තරුණයා මිතුරකුගේ පානදුර නිවසට දැරිය රැගෙන ගොස් තිබූ බව පොලිසිය පවසයි.
එහිදී සැකකරු විසින් කෝප්පයක දමා යමක් දැරියට බීමට ලබාදී ඇති අතර එහිදී දැරියගේ ශරීරය අප්‍රාණික වී අඩ සිහියෙන් පසු වී ඇති අතර අනතුරුව සැකකාර පෙම්වතා විසින් දැරිය කාමරයට රැගෙන ගොස් ලිංගිකව හැසිරී ඇතැයි දැරියගේ ප්‍රකාශයකින් අනාවරණය වී යැයි පොලිසිය පවසයි.
එදින සැකකාර පෙම්වතා විසින් දැරිය සමග ලිංගිකව එක්වීමේදී ජංගම දුරකථනයෙන් ලබාගත් වීඩියෝ දර්ශන පෙන්වා ඒවා ප්‍රසිද්ධ කරන බව බවට පවසා ඊටපසු අවස්ථා කීපයක දී දැරියට තර්ජනය කර ලිංගිකව එක්වීමට කැමැත්ත ගෙන ඇතැයි විමර්ශනවලදී හෙළිවී ඇත
මාස කීපයක් ගතවීමෙන් අනතුරුව සැකකරු දැරිය සමග තිබූ පෙම් සබඳතාවය නතර කිරීමත් සමඟම දැරිය මානසික පීඩාවට ලක්වී නිවසින් පිටවී සමීප ඥාතිවරියක ගේ නිවසට ගොස් තිබූ බවත් ඥාතිවරිය සමග මේ පිළිබඳ පැවසීමෙන් අනතුරුව මවුපියන්ට දන්වා රෝහල්ගත කර පොලිසියට පැමිණිලි කිරීමට පියවර ගෙන තිබූ බවත් පොලිසිය සඳහන් කරයි
සැකකරු පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
බණ්ඩාරගම පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි
Aruna