රට තුළ පවතින ඖෂධ හිගය හේතුවෙන් දශක කිහිපයකට පෙර රෝගීන් වෙත ලබාදුන් ප්‍රතිජීවක ඖෂධ යළි භාවිත කිරීමට වන තත්ත්වයක් උද්ගත වී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
එහි සභාපති වෛද්‍ය චමල් සංජීව පැවසුවේ මෙරට පර්යන්ත සහ මූලික රෝහල් රැසක ප්‍රතිජීවක ඖෂධවල දැඩි හිගයක් පවතින බවයි.
ඇතැම් ඖෂධවල මිල ගණන් ජනතාවට දැරිය නොහැකි මට්ටමින් ඉහළ ගොස් ඇති බව ද වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව වැඩිදුරටත් සඳහන් කළා.
Neth