ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ඉකුත් වසරේ ඉදිරිපත් කළ පැමිණිලිවලින් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වූ සිද්ධීන් බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසනවා. එහි සභාපති මහාචාර්ය උදයකුමාර අමරසිංහ පැවසුවේ ඒ අතරින් කොළඹ දිස්ත්‍රික්කය ප්‍රධාන බවයි.
ළමා ආරක්ෂක අධිකාරියට වාර්තා වන පැමිණිලිවලට වඩා වැඩි සිද්ධීන් ප්‍රමාණයක් වාර්තා නොවී සමාජය තුළම සැගව ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
මව්පියන්, භාරකරුවන් මෙන්ම සමීප ඥාතීන්ගෙන් දරුවන්ට සිදුවන හිංසනයන් මෙලෙස බොහෝ අවස්ථාවලදී වාර්තා නොවන බවයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය උදයකුමාර අමරසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.
Neth