විනෝද චාරිකාවක ගිහින් හිරේ ලගින්න වෙලා
තෙල්දෙණිය වික්ටෝරියා ජලාශයේ වේල්ල ආශ්‍රිත අධි ආරක්ෂිත කලාපය ඩ්‍රෝන කැමරාවක් යොදා ගෙන ඡායාරූප සහ වීඩියෝ ගත කරමින් සිටි පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි
සැකකරුවන් සමග කැමරාවක්,ඩ්‍රෝන කැමරාවක් මෙන්ම ඔවුන් පැමිණි වෑන් රථය ද පොලිස් බාරයට ගෙන ඇත
එම වේල්ලෙ වේල්ලේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන යුධ හමුදා නිලධාරීන් නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තෙල්දෙණිය පොලිසිය වෙත භාරදී ඇතැයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙහිවල හා වැලිගම පදිංචි වයස අවුරුදු 31 හා 32 අතර පසුවන්නන් ය
අත්අඩංගුවට ගත් පිරිස විනෝද චාරිකාවක් සඳහා පැමිණි එය බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
Aruna