බස්නාහිර පළාතේ ක්ෂේත්‍ර රාජකාරීවල නිරත ඇතැම් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ ගමන් වියදම් දීමනාව අත්හිටුවා ඇතැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති දේවිකා කොඩිතුවක්කු පැවසුවේ පවතින තත්ත්වයන් හමුවේ ගමන් වියදම් දීමනාව එලෙස අත්හිටුවීමට පියවර ගැනීම කිසිසේත් අනුමත නොකරන බවයි.
අත්හිටුවා ඇති එම දීමනාව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට යළි ලබාදීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම්, ක්ෂේත්‍ර රාජකාරීවලින් බැහැර වීමට කටයුතු කරන බවයි එම සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු වැඩිදුරටත් සදහන් කළේ.
Neth