ආපදා තත්ත්වයෙන් පවුල් 1298කට පීඩා
දින කිහිපයක සිට දිවයින පුරා ඇද හැලෙන තද වැසි තත්ත්වය හේතුවෙන් හටගෙන ඇති ආපදා තත්ත්වයෙන් පවුල් 1298කට බලපෑම් එල්ල වී තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අද (23) උදෑසන 6.00ට නිකුත් කළ තත්ත්ව වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ පවුල් 1298කට අයත් පුද්ගලයින් 4933දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි.
පවුල් 31ක් මේ වන විට ආරක්ෂිත ස්ථානවල රදවා තැබීමට කටයුතු කර ඇති බව එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
එමෙන්ම අයහපත් කාලගුණය හේතුවෙන් නිවාස 9කට පූර්ණ වශයෙන් හානි සිදුව ඇති අතර, නිවා 381කට අර්ධ වශයෙන් හානි සිදුව තිබේ.
මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 6දෙනෙකු මියගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.
Aruna