Sunday, July 06, 2025
Follow Us
පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු දෙන්න - ජනාධිපති කොමිසම ජනතාවගෙන් ඉල්ලයි

අප්‍රේල් 21 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නැයි අදාල ප්‍රහාරය පිළිබඳ විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව ඕනෑම පුද්ගලයෙකුට අදාල තොරතුරු තැපැල් මාර්ගයෙන් කොමිසම වෙත ලබාදීමට හැකියාව ලැබෙනවා. ලබන මස 14 වැනිදාට පෙර ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව, 1වන මහල, බ්ලොක් අංක 5, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, කොළඹ 7 යන ලිපියනට තොරතුරු එවන්නැයි කොමිසම ඉල්ලා සිටී.

කොමිසමේ විමර්ශන කටයුතුවල මූලික පියවර ලෙස මෙම තොරතුරු ලබා ගැනීම සිදු කරයි. එම තොරතුරු අධ්‍යයනය කිරීමෙන් පසුව විමර්ශන කටයුතුවල ඉදිරි පියවර ක්‍රියාවට නගන බවයි කොමිසමේ සාමාජිකයන් පෙන්වා දෙන්නේ.

අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම ජනාධිපති කොමිසම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය 21 වැනිදා පත් කළේය.

(LNW)