මේ වසරේ විසිපස්දෙනකු මියගිහින්
බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ගෙන් අටදෙනකුට පමණ වසරකදි එච්.අයි.වී. ඒඩ්ස් ආසාදනය වන බව ජාතික ඒඩ්ස් මර්දන මධ්‍යස්ථානය පවසයි.
බොහෝ අවස්ථාවන්වලදී සිරගතවන පුද්ගලයින්ට ඒඩ්ස් ආසාදනය වී ඇත්තේ ඔවුන් සිරගතවීමට පෙර බව ජාතික ඒඩ්ස් මර්දන මධ්‍යස්ථානයේ වෛද්‍ය ජනක වේරගොඩ සඳහන් කළේය.
මෙම සිරකරුවන් සඳහා ජාතික ඒඩ්ස් මර්දන මධ්‍යස්ථානය සිරකඳවුරු වෙත ගොස් ප්‍රතිකාර ලබාදීම අඛණ්ඩව සිදුකරන බවද හෙතෙම සඳහන් කළේය.
එසේම මේ වසරේ මේ දක්වා කාලය තුළ එච්.අයි.වී. ඒඩ්ස් වයිරසය ආසාදිත වීමෙන් පුද්ගලයින් විසිපස්දෙනකු (25) මියගොස් තිබේ.
ජාතික ඒඩ්ස් මර්දන මධ්‍යස්ථානයේ දත්ත වාර්තාවලට අනුව ජනවාරි මස සිට මාර්තු මස දක්වා කාලය තුළ දී ඒඩ්ස් රෝගීන් දාහතරදෙනකු (14) මියගොස් තිබේ.
එසේම අප්‍රේල් මස සිට මේ දක්වා කාලය තුළ දී එච්.අයි.වී. ආසාදිතයන් එකොලොස්දෙනකු (11) මියගොස් ඇත.
ඒ අනුව මේ දක්වා කාලය තුළ දී එච්.අයි.වී. ආසාදිතයන් නවදහස් දෙසිය හතළිස් දෙනකු (9242) වාර්තා වී තිබේ.
Aruna