Thursday, February 19, 2026
Follow Us
කුකුල් මස් මිල අඩු කළත් බිත්තර මිල අඩු කරන්න ව්‍යාපාරිකයින් බැහැ කියයි

කුකුල් මස් මිල පහළ ගියද බිත්තර මිල අඩුනොවන බව බිත්තර ව්‍යාපාරිකයින් පවසනවා. කුකුල් මස් ව්‍යාපාරයේ නිරත මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට සහන ලැබුණ ද බිත්තර කර්මාන්තයේ නිරත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට මෙතෙක් සහනයක් ලැබී නොමැති බවයි ඔවුන් කියා සිටියේ.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට කුකුළු කෑම සොයාගැනීම මේ වන විටත් අර්බුදයක්වී ඇති බව බිත්තර ව්‍යාපාරිකයින් පවසනවා.

රුපියල් 1,500 - 1600 ක මට්ටමක තිබූ කුකුල් මස් කිලෝවක මිල රුපියල් 1,100ක මට්ටමකට ඉදිරියේදී අඩුවනු ඇතැයි කුකුල් මස් ව්‍යාපාරිකයින් ඊයේ පැවසුවා.

ඉකුත් සමයේ කුකුල් මස් සමඟම ඉහළ ගිය බිත්තර මිල මේ මොහොතේ අඩු කිරීමට නොහැකිදැයි නෙත් නිවුස් සොයා බැලීමක් සිදු කළා. මේ, ලෝක කුකුළු විද්‍යා සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති වෛද්‍ය උෂාන් පල්ලේගම.

Neth