Thursday, February 19, 2026
Follow Us
විශ්විද්‍යාල සිසුවෙක් නේවාසිකාගාරය තුළ ජීවිතක්ෂයට

මරණයට හේතුව මෙතෙක් සොයාගෙන නැහැ


සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ අවසන් වසර ඉගෙනුම ලබමින් සිටි පැල්පොල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සිසුවෙකු අද අලුයම විශ්විද්‍යාලීය නේවාසිකාගාරය තුළදී මිය ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය මේ වන විට සිදුකර ඇති අතර, මරණයට හේතුව මෙතෙක් සොයාගෙන නැහැ.

මියගිය සිසුවා විශ්ව විද්‍යාලයේ කබඩි කණ්ඩායමේ සමාජිකයෙක් ද වන බවයි එම විශ්වවිදාලීයේ ශිෂ්‍ය සුභසාධක අධ්‍යක්ෂක මහාචාර්ය මනෝජ් ආරියරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කලේ.

මෘතශරීරය මේ වන විට බලංගොඩ මූලික රෝහලේ තැම්පත් තිබෙනවා

Aruna