Monday, July 07, 2025
Follow Us
රණවිරු සත්‍යග්‍රහය අවසන්

ආබාධිත රණවිරුවන් ක්‍රියාත්මක කළ සත්‍යග්‍රහය මීට නොබෝ වේලාවකට පෙර අවසන් කළා. ඔවුන් දින 20 ක් පුරා මෙලෙස සත්‍යග්‍රහයේ නිරත වුයේ කොටුව දුම්රියපළ ඉදිරිපිටදීයි. පසුව ඔවුන් කොටුව දුම්රියපළ ඉදිරිපිටදී උපවාසයක් ද ආරම්භ කළා.

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති යූ.ඩී. වසන්ත සඳහන් කළේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස අද (30) විරෝධතාව පැවති ස්ථානයට පැමිණ තමන් සමග සාකච්ඡා කළ බවයි.

එහිදී දුන් පොරොන්දුව සැලකිල්ලට ගනිමින් මෙම විරෝධතාවය අවසන් කිරීමට තීරණය කල බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

(Neth)