Thursday, February 19, 2026
Follow Us
කුකුල් මස් මිල තවත් පහළ යන ලකුණු

ඉදිරියේදී කුකුල් මස් මිල තවදුරටත් අඩුවනු ඇතැයි කුකුල් ව්‍යාපාරිකයින් පවසනවා.

රුපියල් 1,500 ක මට්ටමක තිබූ කුකුල් මස් කිලෝවක මිල රුපියල් 1,100 ක මට්ටමකට මේ වන විට අඩුවී ඇති බවයි වෙළඳපොල ආරංචි මාර්ග පැවසුවේ.

එම මිල ගණන් එළඹෙන උත්සව සමය වන විට රුපියල් දහසකට ආසන්න වනු ඇති බව කුකුල් ව්‍යාපාරිකයින් පවසනවා.

ඉකුත් සමයේ කුකුල් මස් මිල දිගින් දිගටම ඉහළ ගිය පසුබිමක එක්වරම මෙලෙස මිල අඩුවීමට හේතුව කුමක්දැයි නෙත් නිවුස් විමසීමක් කළා.

මේ, ලෝක කුකුළු විද්‍යා සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති වෛද්‍ය උෂාන් පල්ලේගම.

බිත්තර මිල සම්බන්ධයෙන් ද මෙහිදී විමසීමක් කළා.

කෙසේවෙතත් ජාතික සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පැවසුවේ කුකුළු මස් මිල අඩු කළාසේ බිත්තර මිල ද පහළ දැමීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

Neth