ලංකා ගල් අඟුරු සමාගමෙන් දැනුම්දීමක්
ගල් අඟුරු රැගත් නෞකාවක් ලබන 25 වැනිදා දිවයිනට ළඟාවන බව ලංකා ගල් අඟුරු සමාගම පවසයි.
මීට පෙර ගිවිසුම් ගත වූ සමාගමෙන් එම ගල් අඟුරු තොගය ආනයනය කරන බව එහි සාමාන්‍යධිකාරි නාමල් හේවගේ මහතා සඳහන් කළේය.
ඒ අනුව බාධාවකින් තොරව නොරෝච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක කිරීමට හැකි බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
මේ වනවිට නොරෝච්චෝලේ බාලගාරය ක්‍රියාත්මක කිරිමට ගල් අඟුරු සංචිත පවතින්නේ ලබන 30 වැනිදා දක්වා පමණි.
පෙර ගිවිසුම්ගත සමාගමෙන් දෙසැම්බර් මාසය දක්වා තවත් ගල් අඟුරු නෞකා 4ක් ආනයනයට සැලසුම් කර ඇති බව නාමල් හේවගේ මහතා ප්‍රකාශ කළේ ය.
ගල් අඟුරු මිලදී ගැනීමට නව සැපයුම්කරුවෙකු තෝරා ගැනීම සඳහා ටෙන්ඩරයක් මේ වනවිට කැඳවා ඇති අතර එහි කාලය ලබන 25 වැනිදායින් අවසන් විමට නියමිතය.
ඉන් තෝරා ගන්නා සැපයුම්කරුගෙන් දෙසැම්බර් මාසයේ සිට ගල් අඟුරු මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව ද, ලංකා ගල් අඟුරු සමාගම ප්‍රකාශ කළේ ය .
Aruna