Thursday, February 19, 2026
Follow Us
පාන් මිල අඩු කරයි ද ?

බේකරි හිමියන්ගේ සංගමයෙන් ප්‍රකාශයක්


තිරිඟු පිටි මිල වරින් වර පහළ ගියද පාන් ගෙඩියක මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් රුපියල් 250 දක්වා අඩු කළහොත් පාන් ගෙඩියක මිල අඩු කළ හැකි බව එම සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන පැවසුවේය.

පාන් ගෙඩියක මිල අඩු කිරීමට නම් රජයට මැදිහත් වී අවශ්‍ය පියවර ගැනීමට සිදුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Aruna