Thursday, February 19, 2026
Follow Us
තවත් වෙඩි තැබීමක්. අයෙක් මරුට, සිව් හැවිරිදි දරුවකුට බරපතළ තුවාල !

ගාල්ල – යක්කලමුල්ල – මාගෙදර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් සිව් හැවිදිරි දරුවකු සහ තවත් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

අද (19) දහවල් මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ නිවසක කුරුඳු තළමින් සිටි පිරිසක් ඉලක්ක කරගෙන ය.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන දෙදෙනෙකු විසින් මෙසේ වෙඩිතබා පළාගොස් ඇති බව සඳහන්.

මෙහිදී සිව් හැවිරිදි දරුවාට අමතර 43 හැවිරිදි අයෙකුට සහ 38 හැවිරිදි අයෙකුට වෙඩි වැදී ඇත.

එයින් 38 හැවිරිදි පුද්ගලයා අකුරැස්ස දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මාතර මහ රෝහලට මාරුකර යවා ඇති බව වාර්තා විය.

කුඩා දරුවා සහ 43 හැවිරිදි පුද්ගලයා ගාල්ල කරාපිටිය රෝහල කරා රැගෙන ගොස් තිබුණු අතර 43 හැවිරිදි පුද්ගලයා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි වාර්තා වෙන්නේ.

සිව් හැවිරිදි කුඩා දරුවාගේ තත්වය බරපතළ බවත් සඳහන්.

LNW