දුම්රිය මගීන්ට දැනුම් දීමක්
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහනේ සංශෝධනයන් ඔක්තෝබර් මස 20 වනදා සිට ක්‍රියාත්මක කිරිමට තීරණය කර තිබේ.
ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව මීට පෙර තීරණය කර තිබුණ ද පසුව එය අත්හිටවනු ලැබීය.
කෙසේවෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ඔක්තෝබර් මස 20 වනදා සිට ක්‍රියාත්මක පරිදි එම මාර්ගයේ දුම්රිය කාලසටහනේ සංශෝධනයන් සිදුකිරීමට තීරණය කළ බවය.
ඒ අනුව ලබන 20 වනදා සිට දැනට දුම්රිය ධාවනය වන වේලාවට මිනිත්තු 10කට පමණ පෙර නව සංශෝධනයන් යටතේ දුම්රියන් ධාවනය කිරිමට නියමිතව තිබේ.
Aruna