වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ රදවා සිටින මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා එල්ල වූ තිළිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට 13 ඉදිරිපත් කර තිබෙනවා. ඒ, සැකකාරිය, රදවා සිටි වාට්ටුවේ ජංගම දුරකථනයක් සන්තකව තබා ගැනීමේ චෝදනාවට අදාළවයි.
ඵ් අනුව බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය විසින් ඊට අදාළව තිළිණි ප්‍රියමාලිට දඩුවම් නියම කරනු ඇති. සැකකාරිය සන්තකයේ තිබී ඉකුත්දා එම ජංගම දුරකථනය සොයා ගනු ලැබූවේ බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ නිළධාරිනියන් සිදු කළ හදිසි පරීක්ෂාවකදීයි.
කෙසේවෙතත් සැකකාරිය වෙත නඟා ඇති චෝදනාවට තමන් නිවැරදිකරු බවයි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය ඉදිරියේදී තිළිණි ප්‍රියමාලි ප්‍රකාශ කර ඇත්තේ ඉන්පසුව කොළඹ අතිරේක දිසා විනිසුරු විසින් මෙම චෝදනාව පිළිබද වැඩිදුර විභාගය සඳහා නොවැම්බර් 03 වන දින දක්වා කල් තබා තිබෙනවා.
Neth