Thursday, February 19, 2026
Follow Us
දිස්ත්‍රික්ක 10ක අධිඅවදානමක්

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්


දිස්ත්‍රික්ක 10 ක් තවදුරටත් ඩෙංගු අධිඅවදානම් තත්ත්වයක ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම දිස්ත්‍රික්ක වන්නේ, කොළඹ, කළුතර, මහනුවර, ගම්පහ, මාතලේ, ගාල්ල, යාපනය, මුලතිව්, පුත්තලම හා කෑගල්ලයි.

මෙම දිස්ත්‍රික්කවලින් පසුගිය සතියේ ඩෙංගු රෝගීන් 1,152 දෙනෙකු වාර්තා වී ඇති බවට ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ වාර්තාවේ සදහන් වේ.

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 59, 317 කි.

Aruna