මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් සහතිකයක්
ඉන්ධන පිරවුම්හල්වල සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබෙන පාරිභෝගික පැමිණිලි ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
මෙම පැමිණිලි විසදීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන ඇති බවද දැනුම්දෙයි.
එම කොමිසම දැනුම්දෙන්නේ මේ වනවිට පැමිණිලි 200ක් පමණ ලැබී ඇති බවය.
ඒ සම්බන්ධයෙන් වෆිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති,
“අපේ අරමුණ පිරවුම්හල්වල අක්‍රමිකතා ඉවත් කරලා නිසි ප්‍රමාණයට නිසි ප්‍රමිතියට පාරිභෝගිකයාට ඉන්ධන ලබාදීම සහතික කිරීම. මේ වැඩපිළිවෙල මේ වනවිට සාර්ථක බව කිව යුතුයි. පාරිභෝගික පැමිණිලි මත අපි පරීක්ෂා කළ ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන තොග සඟවාගැනීම සහ අඩුවෙන් ඉන්ධන නිකුත් කිරීම වැනි අක්‍රමිකතා හෙළි වුණා.”
“ලංකා IOC සමාගම සිය ඉන්ධන පිරවුම්හල්වල සිදුවන අක්‍රමිකතා ඉවත් කිරීමට පියවර ගන්නා බවට ඊයේ අප සමග පැවති සාකච්ඡාවේ දී පොරොන්දු වුණා.”
“මේ ආකාරයටම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල්වල අක්‍රමිකතා ඉවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා ඔවුන්ට ආරාධනා කළා. නමුත් ඒ සඳහා ඔවුන් සාධනීය ප්‍රතිචාරයක් ලබාදී නැහැ.”
“මේ වනවිට ඉන්ධන සාම්පල 20ක් පමණ පරීක්ෂාව සඳහා කර්මාන්ත තාක්ෂණ ආයතනයට බාරදී තිබෙනවා. සියලුම දිස්ත්‍රික්ක ආවරණය වනපරිදි ඉන්ධන පිරවුම්හල් 60ක නියැදියක් පරීක්ෂා කිරීම ආරම්භ කර තිබෙනවා.”
Aruna