Saturday, April 11, 2026
Follow Us
කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර කපයි

වතුර නැතිවෙන ප්‍රදේශ මෙන්න


කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන සෙනසුරාදා රාත්‍රී 10 සිට ඉරිදා උදෑසන 10 දක්වා පැය 12 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ඔවුන් පවසයි.

ඒ අනුව කොළඹ 02, 03, 04 සහ 05 යන ප්‍රදේශවලට මෙන්ම, කොළඹ 07, 08, 09 සහ 10 යන ප්‍රදේශවලට ද මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

Aruna