Thursday, February 19, 2026
Follow Us
දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 24 අවදානමේ


ඉදිරි පැය 24 කාලයකට බලපැවැත්වෙන රත්නපුර සහ කලුතර දිස්ත්‍රික්ක දෙක සඳහා පරිදි නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ අනුව කලුතර දිස්ත්‍රික්කයේ ඉංඟිරිය, බුලත්සිංහල, වළල්ලාවිට, පාලින්ද නුවර සහ දොඩංගොඩ ප්‍රදේශවල නායයෑමේ අවධානම් ඇතිවිය හැකි බව අද(13) පස්වරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

එමෙන් ම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට, රත්නපුර , ඇළපාත, අයගම, කිරි ඇල්ල, පැල්මඩුල්ල, කලවාන, නිවිතිගල යන ප්‍රදේශවලද නායයෑමේ අවධානම් ඇතිවිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.

Aruna