Thursday, February 19, 2026
Follow Us
තිළිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කරයි

මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි නමැති ව්‍යාපාරික කාන්තාව අද (13) බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයක් හමුවට පමුණුවා තිබේ.

ඒ, බන්ධනාගාරය තුළදී ඇය සතුව තිබී ජංගම දුරකථනයක් හමුවීමේ සිද්ධියට අදාළව ය.

එහිදී තමන්ට එරෙහිව ඇති චෝදනාවට නිවැරදිකරු බව ඇය විසින් ප්‍රකාශය කර ඇති අතර කොළඹ අතිරේක දිසා විනිසුරුවරයා මෙම චෝදනාව සම්බන්ධ වැඩිදුර විභාගය නොවැම්බර් 03 වනදා දක්වා කල්තබා ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ.

LNW