Thursday, February 19, 2026
Follow Us
අතුරුදන් වූ සරසවි සිසුවා ගැන දැන් ලැබුණු ආරංචිය

හමු වූ සරසවි සිසුවාට සිදු වූයේ කුමක්ද?


අතුරුදන්වී සිටි බවට වාර්තා වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ සිසුවා දින 10කට පසුව යළි විශ්වවිද්‍යාලය වෙත පැමිණ තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පැවසුවේ ඊයේ (12) දිනයේ එම සිසුවා අධ්‍යයන කටයුතු සඳහා සහභාගීවී ඇති බවය.

ඉංජිනේරු පීඨයේ තුන්වන වසර ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ සිසුවෙකු වන මොහු පසුගිය 03 වනදා සිට අතුරුදන්වී සිටි බවට වාර්තා පළවී තිබුණි.

ඔහු කඩවත ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සිසුවෙකි.

Aruna