Monday, July 07, 2025
Follow Us
දුම්රිය තවදුරටත් වර්ජනයේ – වර්ජනය අත්නොහැරියොත් රජය දැඩි ක්‍රියාමාර්ගයකට

දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය අද (29) සිව්වැනි දිනටත් ක්‍රියාත්මක වේ.

වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් ආරම්භ කළ මෙම වැඩ වර්ජනයට දුම්රිය රියැදුරන්, නියාමකයින්, ස්ථානාධිපතිවරුන් හා අධීක්ෂණ නිලධාරීන් එක් ව සිටිති.

මේ අතර හෙට (30) දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට අනිවාර්යෙන්ම පත් කරන බව රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.

එමෙන්ම හෙට දිනට පෙර මෙම වර්ජනය ක්‍රියාවලිය අත් නොහැරියොත් රජය විසින් දැඩි ක්‍රියා මාර්ගයන්ට අවතීර්ණ වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

(Aruna)