ඉහළ ප්‍රතිලාභ ලබාදෙන බව පවසමින් පුද්ගලයින් රවටා තවදුරටත් මුදල් වංචාකරන පුද්ගලයින් සමාජය තුළ සිටින බව පොලීසිය පවසනවා. විවිධ උපක්‍රම හරහා පුද්ගලයින් සිය ජාවාරම්වලට හසුකර ගැනීමට වංචනිකයින් කටයුතු කරන බවයි නෙත් නිවුස් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පැවසුවේ.
එලෙස වංචාකරුවන්ට හසුනොවී නීත්‍යානුකූල ආයතන සමඟ පමණක් ගනුදෙණු කරන ලෙසයි මහජනතාවගෙන් මෙහිදී ඉල්ලීමක් කළේ.
එම වංචාකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැක්කේ ප්‍රමාණවත් සාක්ෂි තිබේනම් පමණක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව වැඩිදුරටත් සඳහන් කළේ.
මුදල් වංචාකරුවන් පිළිබද සමාජය තුළ දැඩි කතාබහක් මතු වුණේ ව්‍යාපාරිකයන් ඇතුළු විශාල පිරිසකගෙන් මුදල් වංචා කළ තිලිණි ප්‍රියමාලි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමත් සමගයි.
මේ වනවිට රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින ඇය රදවා සිටින්නේ වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ විශේෂ ඝනයේ රැදවියන් රදවා සිටින වාට්ටුවේ වෙනම සිරමැදිරියකයි.
අධිකරණය ලබාදුන් නියෝගයක් මත තිලිණි ප්‍රියමාලි ඊයේ දිනයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ස්ථාන කිහිපයක් පරීක්‍ෂා කිරීමට රැගෙන ගියා. ඒ අතර කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානයේ සැකකාරිය පවත්වාගෙන ගිය කාර්යාලය ද අයත්.
Neth