Thursday, February 19, 2026
Follow Us
අයි.ඕ.සී. දෙවසරකට තහනම් ?

ඉන්ධන සැපයීමේ අක්‍රමිකතා නිසා පිරවුම්හල් වසා දමන්න යයි


අක්‍රමිකතා හේතුවෙන් සම්පූර්ණයෙන්ම මුද්‍රා තබා ඇති වැල්ලවාය ඉන්දීය ඔයිල් සමාගමට (අයි.ඕ.සී.) අයත් ඉන්ධන පිරවුම්හලකට වසර දෙකක තහනමක් පැනවීමට ඉඩ ඇති බවට වාර්තා වෙයි.

එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් අදාල ඉන්ධන පිරවුම්හල් කළමනාකාරිත්වය කණගාටුව පළ කිරීමේ සූදානමක් පවතින බවත් දැනගන්නට තිබේ.

ඉන්ධන සැපයීමේදී අඩුවෙන් සැපයීම ඇතුළු අක්‍රමිකතා රැසක් පිළිබඳව ලැබුණු පැමිණිලිවලට අනුව මහජන උපයෝගිතා කොමිසම, පාරිභෝගික කටයුතු අධිකාරිය සහ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව එක්ව කළ පරීක්ෂණයකින් පසුව පසුගිය 5 වැනිදා මුද්‍රා තැබීය.

Aruna