Thursday, February 19, 2026
Follow Us
වෛද්‍යවරුන් ගැන අතිවිශේෂ නිවේදනයක්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල අර්බුධකාරී තත්වයක්


රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් වෛද්‍යවරුන් රට හැර යෑම පිළිබඳ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, ජ්‍යේෂ්ඨ වෛද්‍යවරුන් විශ්‍රාම යාම හා තරුණ වෛද්‍යවරුන් රට හැර යාම නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උද්ගත විය හැකි අර්බුද පිළිබඳ සමාජය දැනුම්වත් කිරීමක් ද කරමින්ය.

මේ හේතුවෙන් ඇතැම් රෝහල් වැසී යන තත්ත්වයක් ද උද්ගත වනු ඇති බව වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

තිස්සමහාරාම වැනි රෝහලක මෙවැනි තත්ත්වයක් ඇති වුවහොත් එම රෝගින්ට කරාපිටිය වැනි රෝහලකය යා යුතු වන බවත් එය රෝගින්ට අපහසු තත්ත්වයක් බවත් ඔවුන් අවධාරණය කරයි.

ඉතා ම අවම පහසුකම් යටතේ සෞඛ්‍ය සේවා සපයන මෙම වෛද්‍යවරුන් ක්ෂේත්‍රය තුළ රඳවා ගැනීමට රජය වහාම මැදිහත් විය යුතු බව එම නිවේදනයේ දැක්වෙයි.

ඒ සඳහා වෛද්‍යවරුන්ගේ වෘත්තිය සංවර්ධන අවස්ථාවන් පුළුල් කළ යුතු බව හා ඒ සඳහා රජය මැදිහත් විය යුතු බව ද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරනවා.

 

Aruna