Thursday, February 19, 2026
Follow Us
තෙල් හිඟය නැවතත් ?

තෙල් නැවෙන් තෙල් ලබා ගන්න සල්ලි නෑ


කොළඹ වරාය ආසන්නයේ නැංගුරම්ලා ඇති බොරතෙල් නෞකාවට මෙතෙක් මුදල් ගෙවීමට නොහැකි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

පසුගිය මස 10 වැනි දා මෙරටට සේන්දු වූ මෙම නෞකාවෙන් බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මෙරටට රැගෙන එනු ලැබුවේය.

ඒ අනුව මේ වනවිට එම නෞකාව මෙරටට ළඟා වී දින 32 කි.

අමාත්‍යාංශය සඳහන් කළේ, රුසියාවෙන් ආනයනය කළ එක්ස්ටෝ නැමති මෙම බොරතෙල් මගින් ඩීසල් හා පෙට්‍රල් වැඩි වශයෙන් නිෂ්පාදනය කළ හැකි බවය.

මේ අතර මෙරටට ළඟා වූ මෙට්‍රික් ටොන් 36,000ක් රැගත් පෙට්‍රල් නෞකාවට මුදල් ගෙවීමෙන් අනතුරුව එහි තොග ගොඩබෑම මේ වනවිට ආරම්භ කර තිබේ.

Aruna