Thursday, February 19, 2026
Follow Us
ලාෆ් ගෑස් මිල පහළට

ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට එම සමාගම පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12යි දශම 5, ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500කින් අඩු කරනු ඇති. එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 5,300ක් ලෙසයි.

කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 2,120ක්.

ලිට්‍රෝ ගෑස් මිලද ඉකුත් සමයේ අවස්ථා දෙකකදී පහළ දැමුණා. ඒ අනුව කිලෝග්‍රෑම් 12යි දශම 5, ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,280ක්. කිලෝග්‍රෑම් 5, ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,720ක් වනවා.

Neth