Monday, July 07, 2025
Follow Us
ආන්දෝලනාත්මක දුරකතන සංවාදයෙන් පසු ඇවන්ගාර්ඞ් ප‍්‍රධානියෙකු කතා කරයි

දේශපාලන බලපෑම් මත ඇවන්ගාර්ඞ් සමාගමේ සභාපතිවරයාට සහ හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට නඩු පැවරූ බවට හෙළිදරව් වී ඇති බැවින් එම නඩුව තවදුරටත් පවත්වාගෙන යාමෙන් පලක් නොමැති බව ඇවන්ගාර්ඞ් සමාගමේ තොරතුරු තාක්ෂණ අංශය භාර නිලධාරී රොහාන් මුණසිංහ පවසනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් සහ ඇවන්ගාර්ඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අතර සිදුවූ දුරකථන සංවාදයේදී ඒ බව සාක්ෂි සහිතව ඔප්පු වී ඇති බවයි ඔහු සඳහන් කළේ.

(Neth)