Thursday, April 25, 2024
Follow Us
කොත්තු මිල අඩු කරන්න සූදානම්

ආපන ශාලාහිමියන්ගේ සංගමයෙන් ප්‍රකාශයක්


පාන් පිටි මිල අඩු වන්නේ නම් ඉදිරියේ දී කොත්තු මිල අඩු කිරීමට සූදානම් බව ආපන ශාලාහිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක, අසේල සම්පත් පවසයි.

අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“මේ රටේ අහිංසක මිනිස්සු වතු කම්කරුවා රොටි කෑල්ල කාලා මේ රටේ නිෂ්පාදන ආර්ථිකයට දායක වෙන්නේ. දළු ටික කඩලා, රබර් කිරි ටික කපලා. ඒ කටුපොල් ටික කපලා. අද ඒ් මිනිස්සුන්ට කන්න විදිහක් නැහැ. දැවැන්ත මාෆියාවක් තියෙන්නේ. ඊයේ කතරගම 490යි පිටි. ඒ නිසා පිටි මිල අඩු වුණොත් 250යේ සීමාවට අපි සූදානම් කොත්තුවේ මිල, එළවළු රොටියේ මිල, රෝල්ස් එකේ මිල පහත හෙළන්න. මේ මාධ්‍ය සංදර්ශන නෙමෙයි. මේ රටේ ජනතාවට යම් සහනයක් ලැබෙන්නේ ද? ඒ සහනය අනිවාර්යෙන් සේවාවලින් ලබාදිය යුතුයි. ඒක තමයි විය යුත්තේ. වැඩි කරනකොට වැඩිකරන්නත් අඩු කරනකොට අඩු නොකර ඉන්නත් බැහැ. ඒක සධාචාරාත්මක නැහැ.”

Aruna