Thursday, February 19, 2026
Follow Us
මිනුවෙන්ගොඩ වෙඩි තැබීමක් – තිදෙනෙකු මිය ගිහින්

මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේදී අද උදෑසන සිදු වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තිබෙනවා. උදෑසන 07 ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෝටර් රථයකින් සහ යතුරුපැදියකින් පැමිණි පිරිසක් ටී 56 ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති අතර තරුණයන් දෙදෙනෙකු එම ස්ථානයේදීම වෙඩිවැදී මියගොස් තිබෙනවා.

අදාල තරුණයන් දෙදෙනාගේ පියාටද වෙඩි වැදී ඇති අතර ඔහු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුව ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.

LNW