Thursday, April 25, 2024
Follow Us
බඳින්න ඉන්න ජෝඩුවලට රජයෙන් හොදි පාඨමාලාවක්

තරුණ තරුණියන් ගැන ගත් තීරණය


ළඟදී විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන්ට ඉවුම් පිහුම් පාඨමාලාවක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය තීරණය කර ඇත.

විවාහ වීමට සිටින තරුණ තරුණියන්ට අමතරව උසස් අධ්‍යාපනය හා විදෙස් රැකියා සඳහා විදේශ ගත වීමට අපේකෂාවෙන් සිටින තරුණ තරුණියන්ට මෙන්ම පාසල් දරුවන්ටද තමන්ගේ ආහාරපාන තමන් විසින්ම සකස් කර ගැනීමට හැකි වන පරිදි ඔවුන්ටද ඉවුම් පිහුම් පාඨමාලාවන් ආරම්භ කරන බව ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ සභාපති ශිරන්ත පීරිස් කීය.

ඇතැම් දෙමාපියන් තම ගැහැනු දරුවන් සංචාරක ​ක්ෂේත්‍රයේ රැකියාවලට යොමු කිරීමට අකැමැත්තක් දක්වන බව පෙන්වා දෙන ඔහු සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ ඇති එවැනි වැරදි මත හිත්වලින් ඉවත්කර ගැනීමට කාලය පැමිණ ඇති බවද කීවේය.

වර්තමානයේ දෙමාපියන්ගේ කාර්ය බහුලත්වය මත දරුවන්ට මෙවැනි පාඨමාලාවක් හැදෑරීමෙන් ඔවුන්ට අඩු මුදලකට තනිවම තම ආහාරපාන සකසා ගැනීමට අවස්ථාව හිමි වන බවත් දිනපතා ඔවුන්ට එම ආහාරපාන සකසා ගැනීමට උගන්වන පරිදි මෙම පාඨමාලාව සකස් කර ඇති බවත් ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) කනිෂ්ක එන්. ජයතුංග කීය. මේ සඳහා නුදුරු දිනයකදීම අයැදුම්පත් කැඳවන බව හෙහෙතම කීය.

Aruna