Friday, April 26, 2024
Follow Us
වනිඳුගේ අලුත් වාර්ථාව

ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ලංකා ක්‍රීඩකයෝ ඉදිරියට


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි විස්ස පන්දු යවන්න්ගේ ශ්‍රේණිගත කිරීම්වල තවත් ස්ථානයක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව තිබේ.

ඒ අනුව ඔහුට හිමිව ඇත්තේ 3 වන ස්ථානය වන අතර හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 692කි.

ඊට අමතරව ඔහු විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ද සිව්වන ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 184ක් හිමිකරගනිමිනි.

එසේම ඔස්ට්‍රේලියානු ක්‍රීඩක Adam Zampa එම ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත.

දකුණු අප්‍රිකා ක්‍රීඩක Tabraiz Shamsi ස්ථාන දෙකක් පහළට යාමත් සමඟ ඔවුන් දෙදෙනාට මෙම නව ස්ථාන හිමිව තිබේ.

විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි පළමු තැන පසුවන්නේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩක Josh Hazlewoodය.

මේ අතර ඉන්දීය ප්‍රබල පිතිකරුවෙකු වන Suryakumar Yadavහට විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි පළමු තැන අහිමිව ඇත.

ඒ අනුව විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි නවතම යාවත්කාලීන කිරීමට අනුව පළමු තැන පාකිස්තාන ප්‍රබල පිතිකරුවෙකු වන Mohammad Rizwan හිමිකරගෙන ඇති අතර ඔහුට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 854කි.

මේ අතර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක 8 වන ස්ථානයේ පසුවන අතර පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල මහීෂ් තීක්ෂණ 7 වන ස්ථානයේ පසුවෙයි.Aruna