Thursday, April 18, 2024
Follow Us
විකාශන අධිකාරී පනත ගැන විද්‍යුත් විකාශකයින්ගේ සංගමය ඇමති බන්දුලට ලියයි

යෝජිත විකාශන අධිකාරි පනත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා කඩිනමින් අවස්ථාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම සංගමය මෙම ඉල්ලීම කර ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින්.

විද්‍යුත් මාධ්‍ය නියාමනය සදහා ගෙන ඒමට නියමිත විකාශන අධිකාරී පනත සම්බන්ධයෙන් මේවනවිට දැඩි කතාබහක් නිර්මාණය වී ඇති බවයි එම සංගමය ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත යොමු කළ ලිපියේ දැක්වෙන්නේ.

යෝජිත විද්‍යුත් විකාශන අධිකාරී පනත මගින් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට ද බරපතල තර්ජනයක් එල්ල විය හැකි බවද එම ලිපියේ දක්වා තිබෙනවා. එබැවින් අදාල කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කරගැනීම සදහා සිය සංගමයට කඩිනමින් අවස්ථාවක් ලබාදෙන ලෙසයි ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ සභාපති අසංග ජයසූරිය සහ එම සංගමයේ ලේකම් ලක්සිරි වික්‍රමගේ එම ලිපියට අත්සන් තබා තිබෙනවා.

Neth