Thursday, March 28, 2024
Follow Us
පාන් මිල තවත් ඉහළට?

බේකරි හිමියන්ගේ සංගමය ගත් තීරණය


තිරිඟු පිටි මිල වැඩිකර තිබුණද, පාන් මිල වැඩිකිරීමට බලාපොරොත්තු නොවන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි සභාපති එන්. කේ ජයවර්ධන පවසන්නේ, මේවන විට බේකරි අමුද්‍රව්‍යවල මිල ගණන් 400% ඉහළ ගොස් ඇති බවය.

මේ අතර තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 13කින් වැඩිකර ඇති බව එන්. කේ ජයවර්ධන සඳහන් කළේය.

බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා ඉල්ලා සිටියේ, බේකරිකරුවන්ගෙන් වැට් බද්ද අය නොකරන ලෙසය.

Aruna