Thursday, February 19, 2026
Follow Us
රේල්ලුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන නොකිරීමෙන් මඟීන්ට පීඩා

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන නොකිරීම නිසා දුම්රිය මගීන් දැඩි අපහසුතාවන්ට ලක්වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර පැවසුවේ පසුගිය කාල සීමාවේදී දුම්රිය ගමන්වාර සංශෝධනයන් අවස්ථා ගණනාවකදී සිදු කළත් එම තොරතුරු අදාල වෙබ් අඩවියේ යාවත්කාලීන කර නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වමින් සිය සංගමය දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වෙත ලිපියකින් දැනුම් දුන් බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමට වෙනම කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කර තිබියදී මෙවැනි තත්ත්වයක් මතු වීම ගැටලු සහගත බවද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

 

Neth