Thursday, April 18, 2024
Follow Us
පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පතට සංශෝධන

පුනරුත්ථාපන මධ්‍යස්ථාන මහේස්ත්‍රාත් අධිකරණයේ අධීක්ෂණයට අවසර


පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන කිහිපයක් සිදුකරන ලෙස රජයට උපදෙස් ලබාදී ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.

අදාළ, පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මේ බව දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

එම සංශෝධනවලට අනුව පුනරුත්ථාපන මධ්‍යස්ථාන මහේස්ත්‍රාත් අධිකරණයේ අධීක්ෂණයට ලක් කිරීමට ද, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ලැබූ අවස්ථාවක අදාළ පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත ගොස් විමර්ශන සිදු කිරීමට ද අවසර ලබාදීමට නියමිතය

Aruna